ලොතරැයි දිනුම
ලොතරැයි දිනුම
____________________
කෙටි කතාව
©හර්ශණ කසුන් මිල්ලතේ
________________________________
වෑ කණ්ඩිය මතින් ඇදී ගිය අත් ට්‍රැක්ටරයක් නිසා හාත්පස දූවිලි වලින් වැසිි ගියේය.බයිසිකලය පාර අයිනට ගත් සේතන් ඒ දෙස ඔරවා බැලුවෙි තමාත් තමා හැඳ සිටි එකම හොඳ සුදු කමිසයත් දුවිල්ලෙන් වැසී ගිය බැවිනි.."නොදකින් ඌට අස්ප ගාය'" හිතට නැගුන කෝපය පිට නොකරම සේතන් නැවත බයිසිකලය තල්ලු කරගන යන්නට විය..
වෑ කණ්ඩියට පහලින් ගෙදරට හැරෙන පලු ගහ අද්දරම සිරිල් සිටගන සිටිනු සේතන් දුර තියා දුටුවෙිය..."ඌ ඔය බලා ඉන්නවා ඇත්තේ බයිසිකලය ගෙදර තෙක් තල්ලු කරගන යාමට බව සේතන් දනී...සිරිල් උපතින්ම ගොලුය..ඒ වයසේ අනික් ළමයින් තරමි සිරිල් මෙිරූ ළමයෙකු නොවීය..සිරිල් සේතන්ට දාව මැණිකාට උපන් හත්වැනි දරුවාය..උපන්ගෙයිම මැණිකා වැදූ දරුවන් පස් දෙනෙකුම මියැදිනි..එම නිසාම හයවැනි දරුවා ලැබෙන්නට සේතන් මැණිකා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ නතර කලේය..ගැහැණු දරුවෙකු වූ ඇය නිරෝගිව ඉපදුනේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ දොස්තර නෝනාට පින්සිදු වන්නටය..ඉන්පසු අවුරුදු දෙකකට පසු සිරිල්ගේ ඉපැදීම සේතන්ට ඉමහත් ප්‍රීතියක් වුයේ තමා කොල්ලෙකුගේ ඉපදීම මහත් බළාපොරාත්තුවකින් සිටි බැවිනි..ඉපදුන මොහොතේත් නොමෙිරූ බවකින් සිටි සිරිල් නිවසට ගෙනාවෙි මැණිකාත් සිරිලුත් සති ගාණක් ආණ්ඩුවෙි ඉස්පිරිතාලේ ප්‍රතිකාර ලබාදිමෙන් පසුවය..බහ තෝරන වයසේදි සිරිල් කිසිදු වචනයක් වත් කියන්නට උත්සහ නොගත් නිසා දන්නා හැම තැනකටම ගොස් ප්‍රතිකාර කලද සිරිල් උපතින්ම ගොලු දරුවෙකු වූ නිසා සේතන්ගෙ සිතේ වු ප්‍රීතියට කණ කොකා හැඬිිය....
සේතන් පලු ගස යටින් ගේ දෙසට හැරෙනවාත් සමගම සිරිල් පාරට පැන බයිසිකලය ඉල්ලුවේ ඔහුට සුපුරුදු හස්ත මුද්‍රාවෙනි..ඔහු අප්පචිචි යැයි කියන්නට තැත් කලද පිටවුයේ නොපැහැදිලි හඬකි..හැඳ සිටි කලිසමි කැබැල්ලද අතින් අල්ලාගන බයිසිකලය ඉල්ලන සිරිල් දෙස අනුකමිපාව මුසු වු ආදරයෙන් බැලු සේතන් බයිසිකලය පලු ගසට හේත්තු කලේය..පොඩිඩක් හිටපන් බයිසිකලයේ වු බඩු සහිත දැල් ගෝනිය බිමින් තබා සිරිල්ගේ කලිසමෙි වු කටුව නැවත සකස් කලේය..ඉන්පසු බඩු ගෝනිය කරට ගත් සේතන් "හමි දැන් බයිසිකලේ ගනින්කෝ "සිරිල්ට කීය..සිරිල් බයිසිකලය තල්ලුකරගන යන්නට විය..සේතන් ඒ පිටුපසින් ගෙදෙසට ගමන් කලේය...
බලාපල්ලකෝ...මම මෙිකා හැම තැනම හෙවිවා...දැන් පැයක් විතර ඉඳන් ගේ අහලකවත් නැ..උඔලා එනකමි මගබලා ඉන්ට අැති..මැණිකා කීවෙි එළිපත්ත මතට වී සේතන් මිදුලට එනවිටමය..
මට ඔන්න වතුර ටිකක් ගෙනත් දීපන්...
සේතන් මුවෙහි තිබු බුලත් විට හපය එළියට විසි කලේය..
"පුදුම පිපාසවක් නෙවැ..මෙි ගිනි කාස්ටකේ...සේතන් තමා හැඳ සිටි කමිසය ගලවා මිදුල කෙළවර වු වැලෙහි වැනුවෙිය...ගන්ඩ දෙයක් නැ..දුවිල්ල..දුවිලු වැකුන කමිසය දෙස බලමින් සේතන් තමාටම කියා ගත්තේය..
මෙින් වතුර බීලා හිටියනමි...මැණිකා වතුර කෝපපය සේතන් ට දුන්නාය...වතුර උගුරක් කටෙි හලාගත් සේතන් ගොජ ගොජ ගා සොලවා බුලත් විට කාරම සහිත ජල පහරක් මිදුලට හැලුවෙිය..කාරා කෙල ගැසු හෙතෙම වතුර කෝපපයම හිස් කලේය..
"ඔින් ඔය කවරෙක පුහුල් දෝසි වගයක් ඇති..සේතන් මැණිකා දෙස බලා කිවෙිය...ඒ වන විට මැණිකා දැල් ගොනිය ලෙහමින් සිටියාය..ගිනි ගණන් බන් ටවුමෙ බඩු...සල්ලි අමාරුයිනෙවැ...අපි දෙයක් විකුණගන්න ගියාම කුණුකොල්ලෙට ඉල්ලනනෙ..සේතන් නෝක්කාඩු ස්වරයෙන් කියමින් පිලමත වු ලණු ඇඳෙහි වාඩිවිය..
" මෙින් අප්පචිචි පුහුල් දෝසි ගෙනත් කොලුවෝ" මිදුල වටා බයිසිකලය තල්ලු කරමින් සිටි සිරිල් දෙසට පුහුල් දෝසි කවරය දිගුකලාය.ඒ දුටු සිරිල් බයිසිකලය පිලිකන්නෙන් හේත්තු කර මැණිකා සිටි දෙසට ආවෙිය.
"කෝ මෙි කෙලී...සේතන් හැරිි ගෙතුල බැලිය."ඔින් ඒකි රෑට උයනවා" මැණිකා පිළවදන් දුන්නාය.
'අප්පචිචි මට කතා කලාද?"සේතන් හඩ ගසනු ඇසිි සපුමලි ගෙතුලින් එලියට ආවාය.කෙසඟ සිරුරකින් යුතු ඇය මැණිකාගෙ කපාපු පලුවකැයි කිව හැකි ඇයට සේතන් මහත් ආදරයක් දැක්වීය..
"ආ මයෙ කෙලී ආවද?ඔන්න පුහුල් දෝසි ගෙනාව..සේතන් ඇයට කිවෙිය.."පෙරේතකම නැතිව කාපන්කො පුතේ...කෝ අක්කටත් දිපන්.."සිරිල් පුහුල් දෝසි කවරයම ගන්නට තැත් කරනු දුටු මැණිකා කීවාය.ඒ අැසුනු සිරිල් පුහුල් දෝසි කවරය බිම අතහැරියේය..."මෙිකා මහ හිතුවක්කාරයි"මැණිකා එය වැටෙන්නට නොදි අල්ලා ගත්තාය...
"දුවෙි මෙන්න මෙි ටිකැටි දෙක පරිස්සමින් අැරැන් තියාපන්කො...ගිය සතියෙ ගෙනාපු ටිකැටි එකට රුපියල් පන්සීයක්ම තිබනනෙව..කවදහරි බලමුකො..අපටත් ඉතින් ගොඩ යන්ඩ නමි ටිකැටි එකක්ම ඇදෙන්න ඔිනැ"කියමින් සේතන් තම හිණ බැඳි පටියේ පොකැටිටුවෙි වු ලොතරැයි ටිකැටි දෙකක් ගෙන සපුමලී අත තැබුවෙිය...
ටවුමට යන හැම විටකම ලොතැරැයි මිලට ගැනිිම තම සැමියාගේ පුරුද්දක් බව මැණිකා දැන සිටියාය..කවදා හෝ තමාට ලොතරැයි දිනුමක් ලැබෙතෙයි සේතන් දැඩිව විශ්වාස කලේය..
"ඔය ටිකැටි දෙක ගන්නකොටත් මට උඔව මතක් වුනා..ඔික උඔ පරිස්සමෙන් අරන් තියපන් දුවෙි"සේතන් නැවත කීය...
පුහුල් දෝසි කමින් සිටි සිරිල්, සේතන් සපුමලී අතට ලොතරැයි දෙක දෙන දෙස බලා සිටියේ තමන්ට නොදෙන විශේෂ දෙයක් තම සොයුරියට දුන්නා යැයි යන අමුතු බැල්මකිනි..ඔහුගේ මුහුණේ සටහන් වූ ඉරියවි කිසිවෙකුත් නොදුටුවෝය...
"රෑ වෙන්නත් ළඟයි කොරටුවට වතුර ටිකක් දාන්නත් තියනවා..හේන් වැඩ ඉවර හින්දා හිතට බයක් නැ"
මැණිකා සිය සැමියා දෙස බැලුවාය...
"ඒක හැබෑව...කහට ඩිංගක් ගෙනෙන්කො බොන්න..ඒ සේතන්ය.."මම ලිප පත්තුකරලයි ආවෙි..
ඔහොම ටිකක් හිටියනමි මම අරන් එන්නමි.."මැණිකා ගෙතුලට වැදුනාය..සේතන් වැල් ඇඳ මත දිගැදුනේ විඩාව දුරු කරගන්නටය.." ආ මෙින් කහට"මැණිකා කහට කෝප්පය සේතන් අත තබා මිදුලට බැස්සේ කොරටුවට වතුර දැමිමට යාමටය.."දැන් කලුවර වැටෙන්නත් ලඟයි..ඔික ඇරගන කැරකුනා ඇති...සිරිල් බයිසිකලය තවමත් මිදුල වටෙි තල්ලුකරනු දුටු මැණිකා කෑ ගැවාය...
නිදිගැට කඩමින් අවදි වූ සේතන් ගේ දෙසට නෙත් යොමු කලේ තරමක කෝපයෙනි..
"හොඳටම දවල් වෙලා...ඇයි මට කීද්දුවෙ නැත්තේ...
"ආ අප්පචිචි ඇහැරුනාද?අමිමා මල්ලි එක්ක පන්සලට හීල ඇරන් ගියා..මම අප්පචිචිට කහට අරන් එන්නමි.."සපුමලී ගෙතුල සිට කීවාය..
කිසිත් නොකිි සේතන් මිදුලට වී නිදාසිිටි කැහැටු බල්ලා දෙස බලා දුප් යනුවෙන් හඬ නැගිිය..
"මෙන්න අප්පචිචි කහට..."කී සපුමලිි පලමුව වතුර කෝප්පය සේතන් අතට දුන්නාය..කට සොදා දැමු සේතන් හකුරු කැබැල්ල සහ කහට කෝප්පය අතට ගත්තේය.
" ආන් අමිමා එනවා.."සපුමලිි කිවෙි කඩුල්ල දෙස බලමිනි.දානය රැගෙන ගිය හිස් භාජනද මොනවාදෝ පලා මිටියකුත් රැගෙන මැණිකා ගේ දෙසට පැමිණියාය..කෝපයට පත් වූ මුහුණෙන් කෝටුවක් ගෙන දෙපසට වනමින් සිරිල් ඒ පසුපසින් පැමිණියේය...
'මම නිදි හින්දා කීද්දුවෙ නෑ..මන් පන්සලට ගියා.."මැණිකා පිලට ගොඩ වූවාය.
"දුවෙි මෙින් මෙි පලා මිටිය තෝරලා ගනින්කො.."එමින් ගමන් හමිබවෙලා මැගි නැන්දා දුන්නා..මැණිකා කීවාය.."කෝ අමිමෙි භාජන ටිකත් දුන්නනමි මම හෝදලා තියන්නමි."සපුමලිි භාජනද රැගෙන ගෙතුලට ගියාය..
'මොකද කොලුවා මූණ එල්ලගන "සේතන් ඇසුවෙි කෝපයට පත් මුහුණෙන් මිදුල පුරා ඉරි අඳිමින් සිටි සිරිල් දෙස බලමිනි..
"වැවට බහින්න දුන්නෙ නැ කියලනෙ ඔය මූණ එල්ලගන ඉන්නෙ..මෙි මගේ අත් දෙකම හීරුවා.."මැණිකා සිය දෑත සේතන්ට දැක්වුවාය.."උඔ ආයෙත් එහෙම අමිමව හූරලා තිබුනොත් පටිට ගහනවා"සේතන් උන් තැනම සිට සිරිල්ට තරවටු කලේය..
"මූණ ඩිංගක් හෝදගන කඩෙි දිහාවට ගිහින් එන්න.."සේතන් වැල් ඇඳ මතින් නැගී සිටියේය..
මැණිකා අසල වු ඉලත්තටිටුව ගෙන විටක් ඒදන්නට විය..මිදුල පුරා ඉරි අඳිමින් සිටි සිරිල් ඒ පසෙක දමා බිත්තියට හේත්තු කර තිබු බයිසිකලය ගෙන මිදුල වටා තල්ලු කරන්නට විය..
"දුවෙි ඔන්න ඔය ටිකැටි දෙකේ අංක ටික කොළ කෑල්ලක මට හරියටම ලියල දීපන්කෝ"මුහුණ පිස දමමින් ආ සේතන් සාලුව වැලෙහි වැනුවෙිය..
අකුරු කියවිමට නොදත් සේතන් මෙලෙස ලොතරැයි ටිකටි වල අංක කොල කැබැල්ලක ලියාගන යන්නේ හේරත් මුදලාලිට එය දී පත්තරයෙන් දිනුමක් තිබෙිදැයි දැනගැනිමටය..ඔහු කිසිවිටක ලොතැරැයි රැගෙන නොයන්නේ තමාට වංචාවක් කර මුදලාලි එය ලබාගනිතැයි බියෙන් බව මැණිකා දනිී..මෙසේ අංක ටිකවත් ලියාගැනිිමට පාසැලේ දහය වසර දක්වා උගත් සපුමලිි දැනසිටිම මැණිකාට මහත් අාඩමිබරයක් විය..
ලොතරැයි ටිකැටි දෙකත් කොපි පොතකුත් රැගෙන එළියට ආ සපුමලී ඒවායේ තිබු අංක පැහැදිලිව ලියා සේතන් අත තැබීය...එය කමිස සාක්කුවෙි රුවාගත් සේතන් මිදුලට බැස්සේය..."කෝ දැන් ඇති ඔික කැරකෙවිවා...දීපන් බයිසිකලේ මම කඩෙි ගාවට ගිහින් එන්න.."සිරිල්ට කිවෙිය..තවමත් කෝපයට පත්ව සිටි සිරිල් ඒ ඇසිි බයිසිකලය බිම දමා අසල වූ ලිි කැබැල්ලක් ගෙන එයින් බයිසිකලයට පහර දුන්නේය..
එයින් කෝපයට පත් සේතන් අසල වූ කෝටුවක් ගෙන සිරිල්ට පහර දෙකක් ගැසීය.."මූ හදන්නම බෑනේ..කරුමෙකට හැදුනේ.."සේතන් බයිසිකලය කෙලින් කර එහි හිඳගත්තේය..කෝපයට පත් සිරිල් ගෙතුලට දිව යනු බයිසිකලයට නැගුන සේතන් දුටුවෙිය...
සේතන් දුන් අංක සහිත කොළ කැබැල්ලත් පත්තරයත් දෙස බලමින් සිටින හේරත් මුදලාලිගේ මුහුණේ වෙනස්වීම බලා සිටි සේතන් මහත් උනන්දුවකින් මුදලාලි දෙස බැලීය.."මොකද මුදලාලි" සේතන් වික්ෂිප්තව මුදලාලිගෙන් ඇසීය...
"යකෝ...ඔන්න එහෙනමි උඔත් ගොඩ...මෙි අංක ඔක්කොම පත්තරේ තියන අංක නේන්නමි...උඔ ලක්ෂපතියෙක් බන්..දෙයියෝ උඔ දිහා බලලා.."මුදලාලි සේතන්ගේ උරහිසට අත තැබීය..."මොකක්...ඔය ඇත්තමද මුදලාලි.."සේතන් ඇසීය..
"මම මොකටද බොල උඔට බින්න ඇද බාන්නේ....අපිටත් සලකපං...සියදෝරිස් මෙි බලපං ඒ වන විට එතැන සිටි දෙතුන් දෙනාගෙන් එකෙකුට කතා කල මුදලාලි අංක සහිත කොළ කැබැල්ල සහ පුවත්පත දිගු කලේය..
"හැබැ නේන්නමි රාලේ..උඔ ටිකැටි එක දිනුමි" සියදෝරිස් කීවෙිය...
"කෝ සේතන් දැන් ටිකැටි එක..."මුදලාලි අැසුවෙිය.."මම ඒක මම ඒක අපේ කෙලී අතේ තියලා ආවෙි"සතුටට හා විස්මයට පත්ව සිටි සේතන්ට ගොත ගැසිනි..
"වරෙල්ලා යන්න..දැන් ඉතින් සේතන් ලක්ෂපතියෙක් නෙවැ..අපි ගිහින් ටිකැටි එක බලමු..මුදලාලි මෙි පත්තරේ දෙනවද සේතනගේ ගෙදරට ගිහින් ටිකැටි එක බලලම ගේන්නමි"සියදොා්රිස් කීවෙිය..."හොඳා හොඳා..අරන් පලයල්ලා...පත්තරේ නොදී කොහොමද?අපේ මිනිහෙකටනෙව හරි ගියේ...මුදලාලි කිවෙිය..
"දුවෙි අර බලපන්කෝ...අප්පචිචිත් එක්ක කාණ්ඩයක්ම මෙහාට එනවා.."පිලමත හිඳ සිටි මැණිකා නැගී සිටියාය..මවගේ හඬ ඇසිි එලියට ආ සපුමලිිද ඒ දෙස විමතියෙන් බැලුවාය..
සේතන් සමග පැමිණි පිරිස කඩුල්ල පැන මිදුලට ලඟා වුහ..
" ඔන්න මැණිකෝ..උඔලට දෙවියෝ බලල.."සියල්ලන්ටම පෙර පිරිසේ වු සියදෝරිස් හඬ අවදි කලේය.."ඒ මොකැයි අයියේ"කිසිවක් තේරුමි ගැනිමට නොහැකි වු මැණිකා විමතියෙන් ඇසුවාය..
"බොලං ටිකැටි එක සේතන්ට ඇදිල නෙව..මෙි අංක ටිකමයි..පත්තරෙත් තියෙන්නේ...අපි මෙි පත්තරෙත් ඇරන් ආවෙි.."තමා කිහිලි ගන්වාගන ආ පත්තරය සියදොරිස් අතට ගත්තේය..
"දෙයියන්ගෙම පිහිටයි"මැණිකා සිය සැමියා සේතන් දෙස බැලීය..ඔහුගේ මුහුණේ සතුට උතුරා යනු ඈ දිටීය..
"කෙල්ලේ...අර ටිකටි දෙක අරන් වරෙන්කෝ"සේතන් හඬ අවදිකරද්දිිම සපුමලී ගෙතුලට දිවගියාය..කවුරුත් බලා හිඳියේ ඈ එනතෙක්ය....
"අප්පචිචි...අප්පචිචි..මම තියපු තැන ටිකටි දෙක නැනේ.."කලබලයෙන් ගෙතුල සිට දිව ආ...සපුමලිි කිවෙි දැඩි බියෙනි..."මොනවා...හොඳට බලපන්.."සේතන් කිය.."බැලුවා අප්පචිචි..මම කොපි පොතක් ඇතුලට දාලා..මගේ පන් මල්ලට දාලා තිවුනේ..මම හොඳට බැලුවා..."සපුමලී කිවෙි සැලෙන හඬිනි..
"කවුරුත් ඒක අදින්නෙ නැනේ.."ඒ මැණිකාය...""හොඳට බලාපල්ලා..උඔලට ආපු වාසනාව.."සියදොරිස් කීවෙි මිදුලෙන් පිලට ගොඩවෙමිනි..
"ටිකැටි එක නැතිවුනොත්..සල්ලි ගන්නවා බොරු"මිදුලේ සිටි තවකෙක් කිය..
"මෙි කොල්ලවත් පන් මල්ල ඇද්ද ද දන්නෙ නෑ..කෝ මෙිකා.."සේතන් කෑ ගැවෙිය..ඔහුට පිලිතුරු දෙන්නට මැනිකාත් සපුමලිත් එතැන නොවීය..ඔවුන් දෙදෙනා ගේ පුරා ලොතරැයි දෙක සොයමින් සිටියහ..
"කෙල්ලේ..කො..මෙි සිරිලා.. සේතන් කෝපයෙන් කෑ ගැසිය..ඔන්න අප්පචිචි එහා පැත්තේ අල වගයක් ලිප තියලා තිවුනා..එතැන හිඳගන හිටියේ..සපුමලිි ගෙතුල සිට කෑගැවාය...
ඒ අැසුන සේතන් පිලිකන්න දෙසට පියනැගිය.එහි වු ලිපෙහි මුටිටියක කටුඅල තැමිබෙන අයුරු ඔහු දුටුවෙිය..එතැන වු බංකුවක වාඩිවි සිටි සිරිල් ගිනි පෙනෙලි අවුස්සමින් සිටියේය...
"කොලුවො..උඔ අක්කගෙ පන් මල්ල අැද්දද?"සියදොරිස් සිරිල් දෙස බලා ඇසීය..සිරිල් කිසිවක් නොදුටුවාක් මෙන් සිටිනු දුටු සේතන් කෝපයෙන් ලිප අසලට ගියේය.."ඈ බොල තෝ පුහුල් දෝසි ගන්ටවත් අර පන් මල්ල ඇද්දද?"සිරිල්ගේ ගොලු බව අමතකව සේතන් අැසීය..ඒ හාම ගිනි අඟුරු ගොඩ දුටු ඔහුට කෑ ගැසිනි..ලොතැරැයි ටිකටි දෙකම ගිනි මත දෑවි යමින් තිබිනි..."අපොයි දෙවියනේ"සේතන් ඔලුවෙහි අත ගසා ගත්තේය.....

Post Comment
No comments