Advertisement

අහුමුලු

මෝටර් බයිසිකලයේ රවුමක්...



මෝටර් බයිසිකලයේ රවුමක්...

රංගන යනු සංගිිත හැකියාවෙන් යුතු වත්මන් සමාජ පැතිකඩක් නියෝජනය කරන තරුණයෙක්..ඔහු ජිිවත් වන සමාජ පරිසරයෙන් අත්දැකීමි ලබන ඔහුගේ හිතේ තරුණ හිත්වල අැතිවන හැඟිිම සිතිවිලි..බලාපොරොත්තු බොහොමයක් පිරිි ඇත...එනමුත් සැම විටකම ඔහු මුහුණ දෙන යථාර්ථය කටුකය..බිඳ වැටිිමි බොහොමයකි..ඔහුගේ පෙමිවතිය ටානියාය..ඇය රංගනට සැබැවින්ම ආදරය කරයි..නමුත් ඔවුන් දෙදෙනාගේ ආදරයට සිමා මායිමි බොහොමයකි..විඳිමට වඩා විඳවිිම ඔවුන් දෙදෙනාට හැමවිටම උරුම වෙයි..තරුණ ආදරයට බලපාන සිිමාවන් ඔවුනට හරස් වෙයි...සමිිර රංගනගේ කුලුඳුල් සිනමා සිත්තම ලාංකික ප්‍රේක්ශකයින්ට දිග හැරෙන්නේ රංගන හා ටානියාගේ ප්‍රේමය පදනමි කරගනිමිනි...ටානියාට සහ රංගනට බාධක අභියෝග රැසකි..රංගනට සිහින බලාපොරොත්තු රැසකි..මොටර් බයිසිකලයක් ගැනිිම රංගනට ඇති විශාල බලාපොරොත්තුවකි. ගෙන්දගමි පොළොව මත දිවිගෙවන තාරුණ්‍යයේ බලාපොරොත්තු සහ සිතිවිලි මනාව ගෙනහැර දක්වන්නට ගෙන ඇති උත්සාහය අති සාර්ථකය..නමුත් ස්ථිර ආදයමක් නැති ඔහු එය යන්තමින් ඉටු කරගනුයේ බිඳවැටිිම මැදින් සිය මවගේ මාලයක් උගසට තැබිිමෙනි..සිය මිතුරන් හා තමා ජිිවත් වන පරිසර‍යේ සිදුවිිමි සමිබන්ධතා මතින් ඒ හා බැදෙන චරිත තුලින් තාරුණ්‍යය හා රංගනගේ සිතුමි ගැටෙන පැතිකඩ මැනවින් පෙනේ...ඔහු අත මුදල් නැත..ස්ථිර රැකියාවක් නොමැති කම,තරුණ අසහනය රංගනගේ චරිතයෙන් ඉසතෙු විි පෙනේ..ඔහුට සුන්දර අනාගතයක් ගොඩනැගිිම අත්‍යවශ්‍ය විි ඇත.නමුත්.අනාගය හා වර්ථමානය දෙකම බාධාවලින් ගහනය...ඔහුගේ පෙමිවතිය ටානියා හා ගෙවෙන එක් දවසක ඔවුන් මුහුණ දෙන සිදුවිිමි වලින් මෙම රෑප කාව්‍ය ගලා යයි...එදින සතුටින ලංවිි ගෙවන්නට ඔවුන්ට හැකිවෙිද....අවසානයේ රංගනගේ ඉරණම කුමක්ද....ප්‍රෙක්ෂකයා නිරතුරුව දෑස් නොගෙනම චිත්‍රපටය තුලම තබා ගන්නට සමත් විි ඇත..දිනය ආරම්භයේ සිට රංගන හා ටානියාගේ අත්දැකීමි අමිහිරිය..තුරුණු සිතිව්ලි හැඟිිමි හා බිඳවැටිිමි මනා ලෙස ගෙනහැර පාන්නට හැකිවිි ඇත..සමාජ රාමුව තුල ප්‍රේමය හා එයට ඇති බාධක එයි ඔවුන් දෙදෙනාම සිතිවිලි බලාපොරොත්තු වලින් අසරණ වන අයුරුත් ඔවුන් දෙදෙනා අතර ඇති වෙනස්කමි මත සබඳතාවය නවතින තැතට කටයුතු සිදුවන අයුරුත් ඔවුන්ගෙ අපේක්ෂා භංග වන අයුරුත් අපුර්ව ලෙස දක්වන්නට සමිිර රංගන දක්ෂ විි ඇත..රංගනගේ චරිතයට උපරිම සාධාරණය ඉටුකරන දසුන් පතිරන රංග ශිල්පියා එම චරිතයම සමස්ත චිත්‍රපටය තුලදිිම තම රංගන හැකියාව හොදින් පෙන්නුමි කරයි..ඔහුගේ පෙමිවතියට පණ පොවන සමනලිි යොවුන් පෙමිවතියකගේ චරිතය වඩා හොඳින් නිරුපනය කරමින් තාත්වික බව ඉස්මතු කර ඇත...මෙහි ඇති සෙසු චරිතද කිසිදු අඩුවකින් තොරව මෙම සිනමා සිත්තම වර්ණවත් කරන්නට සමත් විි ඇත..
මොටර් බයිසිකලය සිනමා සිත්තමෙහි කැමරාකරණය ඉහලම මටිටමෙි අැත..පසුතල..ආලෝකකරණය,සංගිිත සංයෝජනය විශිෂ්ඨය..ප්‍රේමය පාදක වුවද ප්‍රෙක්ෂකයන් අපහසුවට පත්වන තරමි ගි්ත නැත..එය සුවිශේෂ කරුණකි..අවශ්‍ය ආකාරයට සියලු දේ යොදා ගනිමින් අපුර්ව සිනමා නිර්මාණයක් ප්‍රෙක්ෂකයන්ට දායදා කරන්නට සමිිර රංගන සිය පලමු නිර්මාණයනේම සමත් වි ඇත..මෙි වන විටත් සිනමා සමිමාන කිහිපයකින්ම පිදුමි ලැබු චිත්‍රපටයක් බවට පත්වෙමින් වර්ථමාන සමාජ රටාව හා ගැටෙන තාරුණ්‍යයේ අනාගතය තාරුණ්‍යයේ හැගිිමි සිතිවිලි බිඳ වැටිිමි සමාජ සමිබන්ධතා ආදිය අලංකාර ලෙස සංකලනය කරමින් ප්‍රෙක්ෂකයන්ට වින්දනිිය සිනමා අත්දැකිිමක් ලබාදෙන්නට මොටර් බයිසිකලයට හැකිවි ඇත..

-හර්ෂණ කසුන් මිල්ලතේ-

No comments