Advertisement

අහුමුලු

පාලුයි අද බොහොම නුඹ නොමැති සරසවි උයන...






පාලුයි අද බොහොම නුඹ නොමැති සරසවි උයන...


මිහිදුම් සලු ඇවිත්
නුඹ වටා ගෙත්තම්
කරන .....
ආකාහේ දුර ඈත තරු රටා
සිත්තම් මවන...
සුළං රැළි හමා විත්
කියන දුක්මුසු කවිය...
පදවැල් එකින් එක ලියුවේ
නුඹ නේද.....

සරසවියේ තුරු වදුලු
මුමණනා තාලයට
කුලුඳුල් ප්රේමයට
ස්වර රටා මැව්වේ කොහොම....
කඳලු බිඳු එකතු කර
ගලයි මහවැලි නදිය...
පාවෙයි සුසුම් රැළි
හන්තාන දිහාවට...
ඈත හිඳ හමා එන
මද සුළගේ වෙලීගන...
පාලුයි අද බොහොම
නුඹ නොමැති සරසවි උයන...

1 comment: